Covid 19

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනෙක් අතුරුදහන්

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු වඩමාරච්චි ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පුවත්පත් වාර්තා කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේදී සිදුකර ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග අදාළ ව්‍යාපාරිකයන් සොයා යන විට ඔවුන් අදාළ ස්ථානවල නොසිටි බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ.

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග අදාළ ව්‍යාපාරිකයන් සැඟව සිටින නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් විසින් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්පාර සහ කල්මුණේ ප්‍රදේශයන්හි සිට පේදුරුතුඩුවට ව්‍යාපාර සඳහා පැමිණි පිරිසක් බවයි වාර්තා වන්නේ.

Related posts

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

ඊයේත් වැඩිම කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම කොළඹින්

colombotoday

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

colombotoday

හෙද-හෙදි­යන් 100කට කොවිඩ් ආසා­දිත වෙලා

colombotoday