වැටුප් විෂමතා ඇතුළු ඉල්ලම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අරඹා ඇති උද්ඝෝෂණයෙන් මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වී තිබේ.
අද පෙරවරු 10ට පමණ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති එම උද්ඝෝෂණය අරඹා තිබිණ.
එබැවින් වාර්තාකරුවන් සඳහන් කරන්නේ 174 බස් මාර්ගයේ බොරැල්ල දෙසට රථවාහන ධාවනය වුවද පන්නිපිටිය දෙසට මාර්ගය අවහිර වී තිබෙන බවය.
.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව ජාතික එකමුතුව විසින් එම උද්ඝෝෂණය සංවිධාන කර ඇත.