කොස්ගම සාලාව හමුදා කදවුර ඉදිරිපිට මාර්ගය අවරහිර කරමින් ගම්වාසීන් විසින් මේවන විට විරෝධතාවයක් ආරම්භ කර ඇත.
පසුගියදා කදවුරේ පිපිරීමෙන් ගිනිබත්වී විනාශවුණු දේපල රජය මැදිහත් වී නැවත ඉදිකර දෙන ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මැදිහත් වන ලෙස බලකරමිනුයි මේ විරෝධතාවය පැවැත්වෙන්නේ.
රජය තමන් පිළිබදව මේ දක්වා නිසි මැදිහත්වීමක් සිදුකර නොමැති බවද ඔවුන් චෝදනා කරයි.
විරෝධතාවය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය කිලෝමීටරයක පමණ තදබදයක් ඇතිව තිබෙන බවද වාර්තා වනවා.