තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේදී පහර දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, මේ වනවිට අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරු ද හඳුනාගෙන ඇති බවය.
එලෙස මිය ගියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමට අනියුක්තව සේවය කළ 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.