Colombo Today Local News

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවට – සමගි ජන බලවේගයෙන් චෝදනාවක්

ආණ්ඩුව 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවට බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නියෝජිතයන් මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.

“තමුන්නාසේලාගේ අයිතිය තමයි මේ උදුරගන්න හදන්නේ. මේ ව්‍යවස්ථාවේ අපිට අයිතියක් නෑ. අපි අයිතිය දන් දීලා තියෙන්නේ.”

“ශිරාල් ලක්තිලක මැතිතුමාලා ජනතාව අතරේ සමීක්ෂණයක් කළා. බහුතරේ කියන්නේ 19 වන ව්‍යවස්ථාවට එකඟයි. විධායක ජනාධිපති බලතල සීමාකිරීමට 69%ක් එකඟයි. 3% ක් එකඟ නැහැ.”

“තොරතුරු දැනගැනිමේ පනත 62%ක් හොඳයි කියනවා. ජනාධිපති ධුර කාලය දෙවරකට සීමාකිරීමට 75 ක් එකඟයි. 9% ක් එකඟ නෑ.”

“කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ගත්තම 65% ක් එකඟ නෑ . ඒ ගැන ඔවුන් කලකිරීමෙන් ඉන්නේ.”

“කැබිනට් ඇමතිකම් සීමාකිරීමට 98% ක් එකඟයි. ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට 72 %ක් විරුද්ධයි. ඒක ගෙනාවේ ඇතුළේ තියෙන ප්‍රශ්න ටික බේරගන්න.”

“අද ජනතාව ඉන්නේ 19 වන සංශෝධනය ඕන කියලා. ජනතාව සමග අපි උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා 19 ආරක්ෂා කරගන්න..”

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“බැසිල්ගේ වුවමනාවට තමයි, 19 ව්‍යවස්ථාව ඉවත් කරන්න හදන්නේ. පුරවැසියෝ ලක්ෂ 216ක අයිතිවාසිකම් අයින්කරන්න යනවා, එක්කෙනෙක්ගේ අමෙරිකාවේ පුරවැසිකම බේරගන්න.”

Related posts

ලොකු ළූණු මිල 600 ආසන්නයේ

Admin

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

කිරිඇල්ල වෙනුවට කෝඩුකාර දියණිය දියවන්නාවට

Admin

ප්‍රශ්න කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියෙන් ඇනලා

colombotoday

බල්ලෙක් හපා කෑවාට අපි බල්ලව හපන්නෙ නෑ.. ජෝන්ගෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday