Covid 19

ගෙවුණු දිනයේ හදුනා ගත් ⁣කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

අද (19)දින උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 662 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයට අනුව 660 දෙනෙකු දේශීයව හඳුනා ගත් ආසාදතයින් වේ.

ඉතිරි ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරිනි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම සංඛ්‍යාව 259කි.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 22 කින්ය.

අනෙක් ආසාදතයින් අතරින් 164 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද තවත් ආසාදිතයින් 79ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.

අනෙක් ආසාදිතයින් 158 දෙනා හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලිනි.

මේ වනවිට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 36,048ක් වන අතර ඉන් 27,060ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද උදෑසන වනවිට තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදතයින් ගණන 8823කි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වූ අතර එම මරණ වාර්තා වූයේ, අගලවත්ත, මග්ගෝන, කොළඹ 15, මහරගම සහ වතුපිටිවල යන ප්‍රදේශවලිනි.

ඒ අනුව මෙරට මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළ යනු ඇති.

නිරෝධායන මධ්‍යස්ථාන 78ක් තුළ පුද්ගලයින් 7837ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,286කි.

Related posts

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

colombotoday

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවක පිරිසකටත් කොවිඩ්

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

කොළඹ මහා නගර සභාවේ තවත් ආසාදිතයින් 14 ක්

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday