Covid 19

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකි බැවින් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ නව ආසාදිතයින් 660 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.

තවත් කොරෝනා ආසාදිතයින් 708 දෙනෙකුට ඊයේ සුවය ලැබිණි.

ඒ සමග මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දක්වෙන්නේ 27,061ක් ලෙසය.

මේ වනවිට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8828 කි.

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වීමත් සමග කොරෝනා වැළදීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 165 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

Related posts

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොවිඩ්

colombotoday

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයි 2,154ක්

colombotoday

සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත

colombotoday