එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු අද (23)සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් ආරම්භ වීමට නියමිත වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් නිකුත් කරන විද්‍යුත් සාමාජික කාඩ්පතද මෙහිදී නිකුත් කිරීමට නියමිත අතර විද්‍යුත් කාඩ්පතට අමතරව මුද්‍රිත කාඩ්පතක්ද සාමාජිකයන්ට ලබා දීමට නියමිතය.
පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කර එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත හැක. මේ මගින් වැඩි තරුණයන් පිරිසක් සම්බන්ධ කර ගැනීම ප්‍රධාන අරමුණ බව සිරිකොත එජාප මූලස්ථානය පවසයි.