Colombo Today Local News

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

මෙරටට ආනයනය කර ඇති කොවිඩ් එන්නත් කැබිනට් ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ​හොර රහසේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී​ හේෂා විතානගේ චෝදනා කරයි. ඊ​යේ (17)දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළේය.

පෙරේදා (16)දින තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ එන්නත ලබාදෙන්න කියලා නිල වශයෙන් කිව්වේ. මේ එන්නත ලබාගන්න ආපු අයගේ නම් ජනමාධ්‍ය පෙන්නුවා. නමුත් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් උදය ගම්මන්පිල මහත්තයාගෙන් අහනවා ‘ඔබතුමාත් මේක ලබාගත්තද?’ කියලා. එතුමා කියනවා ‘ඔව්’ මම ලබාගත්තා කියලා. හැබැයි මාධ්‍ය මගින් කියපු ලැයිස්තුවේ එතුමාගේ නම තිබුණේ නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා මේ වෙනකොට කැබිනට් ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල බිරින්දෑවරුන්ට සහ ළමයින් ​හොර රහසේ මේක ලබාගෙන තියෙනවා කියලා. මාධ්‍යට හෙළිකරන ලැයිස්තුවේ මේ කට්ටියගේ නම් නැහැ. මේක සදාචාරාත්මකද? ඒ නිසා ප්‍රභූවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හොර රහසේ එන්නත ලබාදීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ඉවත්විය යුතුමයි.

Related posts

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

colombotoday

තවත් වසර 6කට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ

colombotoday

ත්‍රී රෝද රථ වලට මීටර – ලදු පත් අනිවාර්ය කෙරේ

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin