Covid 19

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

කොවිඩ් ආසාදිතව මාස හතරක වයසැති බිළිඳෙකු මරණයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි බිළිදෙකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.

පසුගිය 12වන දින මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබාදී ඇති අතර, උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබුණා.

එම ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී දරුවා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කර ඇතත් එහි ප්‍රතිඵලය අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරුව තිබුණා.

පසුව පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකර ඇති බවත් එදින රාත්‍රියේ දරුවා මියගිය බවත් ඔහුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු කරමින් වාර්තාව නිකුත් වූයේ මරණයට සිදුවූවාට පසු බවත් අමල් ජයවර්ධන මහතා සඳහන් කරනවා.

ඉතාලියේ රැකියාවක් කරන මෙම දරුවාගේ පියා විදේශගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙරයි.

දරුවා මියයන විට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරීක්ෂකවරයා සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගෙන් ඉල්ලීමක් කළ බව මරණ පරීක්ෂකවරයා පැවැසුවා.

Related posts

හැටන් නගරයේ අසාදිතයන් රැගෙන යාමට පැමිණි ගිලන් රථ රියදුරා සහ ගම්වාසින් අතර නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

තවත් කොවිඩ් මරණ 135ක්

colombotoday