වත්මන් ආණ්ඩුව පසුගිය දිනවල ඉතා අසාධාරණ ලෙස ජනතාවට බදු පැටවූ බවත් වැට් බද්ද 15% දක්වා වැඩි කර ජනතාවට දරාගත නොහැකි බරක් පටවා ඇති බවත් පවසමින් ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජනතාව මත පැටවීමට විරෝධය දක්වමින් “ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු” යන තේමාව යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පිරිසක් ඊයේ (30) කොළඹ කොටුව දුම්රියපොළේදී සිදුකළහ.
මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.