Covid 19

දෙමව්පියන් බලන්න ආ පුතාගෙන් කොරෝනා බෝ වී පියා සහ බාප්පා මරුට. මව සහ සොහොයුරියන් දෙදෙනා රෝහලේ.

පුතා විසින් සිය දෙමාපියන් බැලීමට පැමිණි පසුව, සිය පියා මෙන්ම බාප්පා ද මිය ගොස්, අම්මා සහ සොහොයුරියන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට සිදු වූ කනගාටුදායක පුවතක් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි සජිත් චන්දන කුමාරසිංහ යන පුතා, සිය දෙමාපියන් බැලීම සදහා ඉකුත් 05/08 දින කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදර වෙත පැමිණ තිබුණි.

ඔහු එසේ පැමිණෙන විටත් , පී.සී.ආර්.පරීක්ෂණයකට සහභාගී වී සිට තිබේ .

මෙම පුතා සිය දෙමාපියන් සමග පැය භාගයක පමණ කාළයක් ගත කර , ඔහු ආපසු සිය පදිංචි නිවෙස වෙත ගොස් තිබේ .

එදිනම සවස ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව, ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා නීරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබේ .

ඒ අතර 05/09 දින සවස ඔහුගේ මව වන 60 හැවිරිදි කන්නන්ගර හෙට්ටිආරච්චිගේ චන්ද්‍රා කන්නන්ගර, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස ආදී රෝග ලක්ෂණ හේතුවෙන්, කටුනායක පොලීසියේ මැදිහත් වීමෙන් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව , එම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබේ.

ඉන්පසුව ඔහුගේ පියා වන 66 හැවිරිදි සරත් චන්ද්‍ර නැමැති අයට ද පෙර කී රෝග ලක්ෂණ මතු වීම නිසා 05/12 දින යළිත් කටුනායක පොලීසියේ මැදිහත් වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහු 05/14 දින මිය ගිය අතර, ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසුව, එදිනම සවස ඔහුගේ දේහය මීගමුව පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබේ .

ඒ අතර කටුනායක ඇවරිවත්ත නිවසෙහි සිටි මොහුගේ සොහොයුරියන් දෙදෙනාට ද කොරෝනා රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව, ඔවුන් ද නීරෝධායන ක්‍රියාවලිය සදහා රැගෙන ගොස් තිබේ .

ඒ අතර මෙම නිවසෙහි වාසය කළ සරත් චන්ද්‍රරත්න මහතාගේ මල්ලී වන, මන්ද මානසික රෝගී තත්වයෙන් පෙළෙමින් සිටි 60 හැවිරිදි ම්ත්‍රානන්ද කුමාරසිංහ මහතා ද මෙම රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව, 05/16 දින මිය ගොස් ඇති අතර, එදිනම සවස කටුනායක පොලීසියේ මැදිහත් වීම මත ඔහුගේ දේහය ද ආදාහනය කර තිබේ.

Related posts

පස්සර ප්‍රධාන පාසලක සිසුන් 10කට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ සිදුවූ 24 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 582ක්

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday