Covid 19

කොරෝනා ආසානය වී සිටි විදුහල්පති පැන ගිහින්.

කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම නගරයේ පිරිමි පාසලක විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඔහු වහාම සොයාදෙන ලෙස පොලිසියට හා හමුදාවට දැනුම් දී ඇත. මෙම විදුහල්පතිවරයා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සඳුදා (15)දින පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි. එම පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු නිවසට වී නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබුණ ද ඊයේ (16) දිනඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ද ගොස් ඇති බවට මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

විදුහල්පතිවරයාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු දුරකථනයට ඇමතුමක් ගෙන ඔහු ආසාදිත බවට දැනුම්වත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඔහු සොයා ගෝනපීනුවල පිහිටි නිවසට යනවිට නිවස වසා දමා ප්‍රදේශයෙන් බැහර ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මෙම විදුහල්පතිවරයා මේ වනවිට ඔහුගේ සහ බිරිඳගේ ජංගම දුරකථන ද ක්‍රියාවිරහිත කර ඇති බවත් ඔහු යා හැකියැයි සිතූ ස්ථානයන් පරීක්ෂා කළ ද එම ස්ථානයන්හි පවා සොයාගැනීමට නොහැකිවූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බැවින් වහාම සොයා දෙන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් මේ වනවිට පොලිසියට හා හමුදාවට දැනුම් දී තිබේ.

විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් වූ විද්‍යාලයේ ගුරුවරු 50කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දිනවල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සැකසීම සඳහා හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. ඔවුන්ගෙන් අයෙකු ආසාදිතවීම සහ විදුහලේ සිසුවකුගේ පියෙකු ආසාදිතවීම හේතුවෙන් විදුහල්පතිවරයා පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි.

Related posts

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

එල්.පී.එල්. තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ්. | පෞද්ගලික රෝහලක් රහසේ ප්‍රතිකාර ලබා දීලා.

colombotoday