Colombo Today Local News

ස්‌තුතියි ! වතුකරයට වෙනම පාලනයක්‍ එපා.. අපි සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා” – ඇමති දිගම්බරම්

වතුකරයේ වෙසෙන දමිළ ජනතාවට උඩරට කවුන්සිලය නමින් වෙනම පාලන ක්‍රමයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් රජයට යෝජනා කර තිබීම පිළිබඳව තමන් උතුරු පළාත් සභාවට ස්‌තුතිය පුද කළත්, එවැන්නක අවශ්‍යතාවක්‌ වතුකරයට නැතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ඊයේ (02 දා) පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

උතුරේ දමිළ ජනතාව තනිව ජීවත් වෙන එක ඇත්ත. ඒ අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රජය සමඟ සාකච්ඡා කර යම් යම් තීරණවලට යා යුතුව තිබෙනවා. නමුත් නුවරඑළිය, බදුල්ල, කළුතර, නුවර ඇතුළු දකුණේ බොහෝ ප්‍රදේශවල දමිළ ජනතාව ජීවත් වෙන්නේ සිංහල සහ අනෙකුත් ජාතීන් සමඟ එක්‌ව සමගියෙන් සහජීවනයෙන්. ඒ නිසා වෙනම පාලන ක්‍රම වගේ යෝජනා නොයෙක්‌ අර්බුද ඇතිවීමේ මූලාරම්භයක්‌ වෙනවා.

– දිවයින

Related posts

කැබිනට් මණ්ඩලය ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය කියයි

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

අද තැනින් තැන වැසි

colombotoday

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday