Colombo Today Local News

“කාඩ්බෝඩ් දුටුගැමුණුලා එලවනවා.. පෝට් සිටියෙන් රටම ගොඩ ගන්නවා” – අගමැති

පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඩුබායි – සිංගප්පූරුව අතර හොදම ආර්ථික මධ්‍යස්ථානය ලෙස ගොඩනගන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

2023 වන විට රටේ දල දේශීය නිෂ්පාදිතය දෙගුණයකින් වැඩිකර රටේ ණය බර අඩු කිරීමට ක්‍රියා කරන බවද ඒ මහතා සඳහන් කරනවා. මෙම ක්‍රියා මාර්ග සඳහා පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කරලීමට කටයුතු කිරීම වැරදිදැයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළා.

“කිරුළපනේ කාඩ්බෝඩ් දුටුගැමුණුලා උත්සාහ කරන්නේ රාජපක්‍ෂ රෙජීමයේ යූ.එන්.පී. විරෝධය පෙන්නා ආපසු රට සූරා කන්නයි. මීළඟ මැතිවරණයට පෙර මේ කාඩ්බෝඩ් වීරයන්ව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි” යැයිද අගමැතිවරයා එහිදී පැවසීය.

“රාජපක්‍ෂ රෙජීමය සිදු කළේ කුමක්ද? එක්සත් ජාතික පක්‍ෂය විනාශ කිරීමට උත්සාහ දැරුවා පමණක් නොව, රටේ සියලූ ක්‍රියාදාමයන් ද විනාශ කර දැමුවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වන විට ඒ වාසිය ජනතාවට නොදී ජනතාවට වැඩි මිලට තෙල් විකුණුවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කළා.අපේ ආණ්ඩුවේ දී වැට් බෝම්බයක් පත්තු කළා කියා රාජපක්‍ෂ රෙජීමයට කඩේ යන මාධ්‍ය පැවසුවා. අපේ අතේ බෝම්බ නැහැ. අපි පළමු වතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කළා.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 

 

Related posts

වෙසක් සතිය අහෝසියි…

colombotoday

මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම කිසිසේත් නොතැකේ..! “අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා” – ව්‍යවස්ථා කොමිටිය

colombotoday

වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

colombotoday

සියලු පක්ෂ එකතු කරගෙන රට හදන්න පුළුවන් බැසිල්ට. මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. | බළලා මල්ලෙන් එලියට පනී.

colombotoday

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

colombotoday

තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ මුදා හැරීම අත්හිටුවයි

colombotoday