Colombo Today Local News

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

vigneshvaran

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කොට ඇත.

මැයි මස 12, 13 හා 17 යන දින වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කොට ඇති සෙසු පුද්ගලයන් වන්නේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් සහ උතුරු පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් යන තිදෙනායි.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ෆෙඩරල් ආකෘතියේ පාලනයක් ඇති කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම සඳහා උතුරු පළාත් සභාව තුල යෝජනාවක් සම්මත කරනු ලැබීම මගින් රට බෙදීමට හා ත්‍රස්තවාදය යළි ඉස්මතු කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරන ලද පෙත්සමකට අනුව ඉහත කී නොතීසි නිකුත් කරනු ලැබීම සිදු කරඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු යයි පැවසෙන යෝජනාව පසුගියදා උතුරු පළාත් සභාව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඒකීය භාවයට පටහැණිව

එකී යෝජනාව රජය වෙත ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔවුන් රටේ ඒකීය භාවයට පටහැණිව කටයුතු කොට ඇති බව පෙත්සමේ සඳහන් වේ.

ඒ පිළිබද විමසූ විට උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥාණම් මහතා කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් දැනටමත් නීතිඥවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

එවැනි යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කරන ලද්දේ රට බෙදීමේ අවශ්‍යතාවක් මත හෝ එවැනි චේතනාවක් මත නොවන බව කී සභාපතිවරයා අනාදිමත් කාලයක සිට උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකට එකතු වී තිබුණු බව පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, අදාළ නියෝගයට ගරු කරමින් තමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින බවත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් මහතා පැවසිය.

(බිබිසි සංදේශය)

Related posts

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

රජයේ වාහන සංඛ්‍යාව 57,961 ක්..! එයින් 7,723ක් කොට උඩ.. වෙන්දේසි කරන්න යයි

colombotoday

ඩෙංගු නැවතත් හිස ඔසවයි.. මේ වසරේ මරණ 35 ක්.

colombotoday

තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයි

Admin

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday