Colombo Today Local News

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

mahinda r
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ හමුදා නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට පොලීසිය යෙදවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මහින් රාජපක්ෂ මහතාගේ කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සතියේ සිකුරාදා වන විටි ආරක්ෂාව යොදවා සිටි හමුදා බට පිරිසට අයත් 50 දෙනෙකු නැවත හමුදා මූලස්ථානය වෙත කැදවා ඇති බවයි. ඒ වෙනුවට පොලීසියේ ප්‍රභූ ආරක්ෂක භට පිරිසක් යොදවන බව දැනුම්දී ඇති බවද ආරංචි මාර්ග පවසයි.

මේ අනුව යුද්ධය පැවැති සමයේ සිට මේ දක්වා සමීපයේම සිටිමින් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයූ හමුදා බල ඇනිය මෙසේ ඉවත්කර ගැනීමට කටයුතු කරමින් කර ඇති අතර මේ පිරිසට හමුදාවේ 89 දෙනෙකු ඇතුළත් බවද පැවසේ. ඉන් බහුතරයක් කමාන්ඩෝ බලකායට අනුයුක්ත ආරක්ෂක නිලධාරීන් බවද පැවසේ.

මේ පිළිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ දරුවන් නොව මුළු පවුලම සිරකළද තම දේශපාලනය අත් නොහැරින්නේ යයි හිටපු ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය නිසා ඔහුට මර්ණ තර්ජන කරමින් දේශාපලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහා කරමින් සිටින බවයි. සාමාන්‍යයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වැඩිම හැකියාවක් ඇත්තේ හමුදාවට බවත් පොලීසියට වැඩිපුරම ඇති හැකියාව නීතිය හා සාමය රැකීම බවත් පවසන ගම්මන්පිල මහතා රට පුරා පුපුරන ද්‍රව්‍ය ගිනි අවි හමුවෙද්දී, පාතාල ක‍්‍රියාකාරකම් දිනපතා වැඩිවෙද්දී ගෙන ඇති මෙම ක‍්‍රියාමාර්ගය ත‍්‍රස්තවාදීන්ගේ අංක එකේ ඉලක්කය වන හිටපු ජනාධිපතිවරයා තව දුටරත් සතුරු උණ්ඩයට පහසු කිරීමක් වන බවද පවසයි.

Related posts

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

ඈවරයි.. දෑවරයි.. ශ්‍රී ලංකන් ගුවන්, පුද්ගලිකකරණයට කැබිනට් අනුමැතිය

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව

Admin

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday