Colombo Today Local News

“මාස 14යි, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.. ආණ්ඩුවේ ජනතා විරෝධී ගමනට එරෙහිව වීදි බහිනවා” – ආනන්ද හිමි

රටට ජනතාවට විනාශයක් ගෙන දෙන අවස්ථාවන්හිදී මහා සංඝරත්නය හැමදාමත් ඉදිරියට පැමිණි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දහිමි පවසයි.

ජාතිය වෙනුවෙන් කතා කිරීම මේ යුගයේ ජාතිවාදය යනුවෙන් හඳුන්වන බවත්,ඒ ආකාරයට කතා කළ හිමිවරුන් වත්මන් ආණ්ඩුව විසින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ආනන්ද හිමියන් සඳහන් කළේය.

ඉකුත් රජය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති මේ රජය විසින් විනාශ කරමින් සිටින බවත්,ජා-ඇළ ප්‍රදේශයේ සක්මන් මළු මහ රෑ ගලවාගෙන යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28)කොළඹ පැවති පැවිදිහඬ සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවට මේවන විට මාස 14ක් ගතවී ඇතත් නටපු නැටුමකුත් බෙරේ පලුවකුත් නැති බව ද ආනන්ද හිමියන් මෙහිදී අවධාරණය කළේය.

මේ ආකාරයෙන් එල්ල කර ඇති භික්ෂු මර්දනයත්,ජනතා විරෝධී ක්‍රියාවන්ටත් විරෝධය දැක්වීම සඳහා අප්‍රේල් මස 06 වෙනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුරුව අසළ විරෝධතා රැළියක් පවත්වන බව උන්වහන්සේ කියා සිටියේය.

මේ ආණ්ඩුව තව දුරටත් ප්‍රතිපත්ති විරෝධීව ක්‍රියා කරන්නේනම් ආණ්ඩුව ගෙදර යැවීමට සූදානම් බවත්,ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව දණ ගැස්වු සංඝරත්නයට මේ ආණ්ඩුව මහ  ලොකු දෙයක් නොවන බවත් ආනන්ද හිමියන් සඳහන් කළේය.

Related posts

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

Admin

මිලියන 205ක රත්‍රන් තොගයක් සමග කාන්තාවක් රේගු භාරයට

colombotoday

මුහුද රළුයි, සුළං සැරයි… ධීවරයන්ට අනතුරු ඇගවීමක් !

colombotoday

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

Admin

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin