Colombo Today Local News

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිදුකරන විමර්ශන අනුව තවත් පුද්ගලයින් 16 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 20 දෙනෙකු අදාළ දැරිය ලිංගික කටයුතු සඳහා අපයෝජනය කළ පුද්ගලයින් වන අතර අනෙක් 6 දෙනා අදාළ දැරියව ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අදාළ දැරියගේ මව සහ මෙම දැරිය අන්තර්ජාලයේ අලෙවි කිරිම සඳහා වන දැන්වීම සකස් කළ පුද්ගලයා ද වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී පෙරේදා අත්අඩංගුවට ගත් 4 දෙනා අතර මැණික් ව්‍යාපාරිකයෙක්, නැවක කපිතාන්වරයෙක් සහ ඔහුගේ සහායකයෙක් සිටින බවද අනාවරණය වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණයවෙමින් පවතින බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් ජුනි 7වන දින ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම සිද්ධිය අනාවරණය වී තිබුණි.

Related posts

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන කිසිදු රැඳවිකුට මින් පසු විශේෂ සමා නෑ. | බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි ස්ථාවරයක.

colombotoday

බිත්තර මිල වැඩිවුන එක හොඳයි-කෘෂිකර්ම ලේකම් කියයි

Admin

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

ද්‍රවිඩ සන්ධානය, දෙමළ ඩයස්පොරාවත් මුළා කරන හැටි වෛද්‍ය රාමසුන්දරම් හෙළි කරයි [Video]

colombotoday