Colombo Today Local News

පේදුරුතුඩුව උතුරු මුහුදේදි කළ වැටලීමකදී මිලියන 71ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 71කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අද (14)දින අලුයම සිදු කළ වැටලීමකදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ එම වැටලීමේදී කේරල ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සොයා ගැනුණු අතර කේරල ගංජා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකරුවන් විසින් කේරළ ගංජා සහිත ගෝනි 06ක් මුහුදට දමා තිබූ අතර නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඒවා සොයා ගැනීමට හැකි විය.

සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 28ත් 29ත් අතර පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Related posts

යූරියා මිල අද සිට පහළ ට

Admin

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

කසාද බඳින නඩුවෙන් රන්ජන් අවුරුදු 13කට පසු සම්පූර්ණයෙන්ම ගැලවෙයි

Admin

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

colombotoday

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday