Colombo Today Local News

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කිරීමේ චෝදනාවට මූතූර් ඉක්බාල් පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මොහොමුදු කරීම් මොහොමුදු විසීර් ඊයේ (13)දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන ඝාතකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කර ඇති බවට එහිදී අනාවරණය වී ඇත.

අදාළ පුද්ගලයා මූතූර් ප්‍රදේශයේ දී එම පන්ති සංවිධානය කර තිබේ.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය අවසන් වූ සිසුන් ඊට සහභාගී කරවාගෙන ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ අග භාගයේදී මෙම අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කර ඇති බවට ද එහිදී අනාවරණය වී ඇත.

මේ අතර අන්තවාදි ක්‍රියා ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා දැනට බන්ධනාගාරගත කර සිටින ගම්පොළ හා කාත්තන්කුඩියේ පදිංචි දෙදෙනෙකු ද යළි ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

Related posts

ඓතිහාසික සිද්ධස්ථානයක් වන ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕන – සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

“හමුදා කදවුරකට කඩා පැනීම සම්බන්ධන් මහතාට තරම් නොවේ” – හෙළ උරුමය

colombotoday

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාද් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 8ක්

colombotoday

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

Admin

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday