Colombo Today Local News

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

pathala

මහ දවල් මිනිස්‌ ඝාතන සිදු කරමින් මුළු රටම භීතියට පත් කරගෙන සිටින පාතාල කල්ලි නායකයන් ඇතුළු පාතාල ලෝකයට සම්බන්ධ අපරාධකාරයන් 175 දෙනකුගේ නම් ලැයිස්‌තුවක්‌ පාතාල මර්දනය සඳහා පත් කර සිටින විශේෂ පොලිස්‌ ඒකකය මගින් ඊයේ (07) වනවිට සකස්‌ කර ඇතැයි වාර්තා වේ.

මෙම පාතාල කල්ලි සාමාජිකයන් සැඟවී සිටින ඔවුන් සම්බන්ධතා පත්වන දේශපාලනඥයන් මෙන්ම මෙම පාතාල කල්ලි සිදු කරගෙන යන ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ද තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

දැනට හඳුනාගෙන සිටින මෙම පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පාතාල මර්දන පොලිස්‌ කණ්‌ඩායම් මෙහෙයුම් ද ආරම්භ කර ඇත.

දැනට හඳුනාගෙන සිටින පාතාල සාමාජිකයන්ගෙන් 125 දෙනෙක්‌ බස්‌නාහිර පළාතේ සිය ක්‍රියාකාරකම්වල නිරත වී සිටි‍න බවත් මෙම පාතාල සාමාජිකයෝ කොළඹ, ගම්පහ, කටුනායක, නුගේගොඩ ප්‍රදේශ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන පාතාල කල්ලි නවයකට සම්බන්ධ වී ඇති බවත් පාතාල මර්දන පොලිස්‌ ඒකකයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර දකුණු පළාතේ ගාල්ල, රත්ගම, ඇල්පිටිය, වීරකැටිය, දෙවිනුවර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කල්ලි හයක සාමාජිකයන් 50 දෙනකු පිළිබඳව තොරතුරු පොලීසිය වෙත ලැබී ඇත.

දැනට හඳුනාගෙන සිටින සියලුම පාතාල කල්ලි සාමාජිකයන් නියෝජනය කරන පාතාල කණ්‌ඩායම් ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ප්‍රබල දේශපාලනඥයන් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයන් බව ද හඳුනාගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්‌ඩු පෙරළියත් සමඟ මෙම පාතාල කල්ලි සාමාජිකයන් සිය ප්‍රතිවාදී පාතාල සාමාජිකයන් ඝාතනය කිරීමට පටන් ගෙන සිටින බව පාතාල කල්ලි මර්දනයට පත් කර සිටින ඒකකයේ උසස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

දෙමටගොඩදී බන්ධනාගාර බස්‌ රථයේ යමින් සිටියදී ප්‍රහාරයට ලක්‌වූ දෙමටගොඩ චමින්ද පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම හිතවතෙකි. මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා වර්තමාන රජයේ ප්‍රබලම දේශපාලනඥයකුගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වෙමින් ඔහු සමීපයේ සිටි පාතාල නායකයෙකි.

තමන් සම්බන්ධතා පවත්වන දේශපාලනඥයා බලයට පැමිණීමත් සමඟම බ්ලූමැන්ඩල් සංඛ සිය ප්‍රතිවාදියා සහ ඔහුගේ කල්ලියට සම්බන්ධ සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වීරකැටිය ප්‍රදේශය කේන්ද්‍රකර ගෙන සිටි ඔක්‌ස්‌ර්ඩ් රත්නායක නමැත්තා පසුගිය රජයේ ප්‍රබලම දේශපාලන පවුලක්‌ සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේය.

වීරකැටියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයකු වූ බැදිගම උක්‌කුවා සහ ඔහුගේ කල්ලියට සම්බන්ධ සාමාජිකයයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔක්‌ස්ර්ඩ් රත්නායකට චෝදනා එල්ලවී තිබිණි.

ආණ්‌ඩු පෙරළියෙන් පසු බැදිගම උක්‌කුවාගේ කල්ලියේ සාමාජිකයන් ඔක්‌ස්‌ර්ඩ් රත්නායක සහ ඔහුගේ කල්ලියට සම්බන්ධ සාමාජිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

ඔක්‌ස්ර්ඩ් රත්නායක නමැත්තා වීරකැටිය පොලිසිය වෙත ගොස්‌ ආපසු යමින් සිටියදී උක්‌කුවාගේ කල්ලිය එල්ල කළ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබීය.

මේ ආකාරයට පසුගිය කාල සීමාවේදී රටපුරා එල්ලවූ පාතාල ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක්‌ දේශපාලන සම්බන්ධතා ඇති පාතාල කල්ලි සාමාජිකයන් සිය ප්‍රතිවාදීන් විනාශ කිරීමට එල්ල කළ ඒවා බව හඳුනාගෙන තිබේ.

(දිවයින)

Related posts

මිල අඩු කළ සතොස භාණ්ඩ වර්ග මෙන්න

Admin

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday

වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ කතාව විකුර්තියක් – ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහාචාර්යවරයාගෙන් සටහන්

colombotoday