පවතින කොවිඩ් තත්වය හමුවේ රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේවෙතත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.