World

තලෙයිබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථාන හමුදාවන් පළා යයි – නගරයෙන් නගරයට සටන්කාමින් සිය බලය අල්ලා ගනී

ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගර රැසක බලය මේවනවිට තලෙයිබාන් සංවිධානය යටතට පත්ව ඇත. තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගන් හමුදාව අතර ප්‍රදේශ රැසක දරුණු ගැටුම් පවතින බවත්, ගැටුම් හමුවේ හමුදාව පළායාම හේතුවෙන් තලෙයිබාන් සංවිධානය නගරයෙන් නගරයට සිය බලය අල්ලා ගනිමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හේරාට් හා කන්දහාර් යන උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් ප්‍රධාන නගර ද මේවනවිට පවතින්නේ තලෙයිබාන් පාලනය යටතේයි.

මේ අතර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර තලෙයිබාන් සංවිධානය යටතට පත්වීමේ අවදානමක් ද මේවනවිට මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි. උපායමාර්ගික වශයෙන් වැදගත් ගස්නි නගරයේ බලය තලෙයිබාන් සංවිධානය සියතට ගෙන ඇති අතර ඒ හමුවේ කාබුල් අගනුවර ආරක්ෂාව අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැවි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් මිදී පළා එන ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් මේවනවිට සරණාගතයින් ලෙස රැඳී සිටින්නේ කාබුල් අගනුවරයි. එම සරණාගතයින් අතර දරුවන් රැසක් ද සිටි.

ඇෆ්ගනිස්තානය මෙලෙස තලෙයිබාන් පාලනයට නතු වෙමින් ඇත්තේ අමෙරිකානු හමුදාව එරටින් ඉවත්වීමත් සමගයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

“No Pants Subway Ride” දිනය වෙනුවෙන් අඩ නිරුවතින් දුම්රියෙන් ගමන් කරයි

colombotoday

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

colombotoday

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday