දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
තැපැල්පතිවරයා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතැම් ප්රදේශවල දිනක් හැර දිනක් ලිපි බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.
හුදකලා ප්රදේශවල තැපැල්පත් බෙදිමේ කටයුතු සීමා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.