Covid 19

ගෙවුණු දින හතරේදී මෙරටින් වාර්තාවූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මයි

මෙරටින් අවසන් දින හතරට හදුනා ගත් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියේය.

මේ මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හතර තුළ ‘කොවිඩ් 19’ ආසාදිතයන් 10,148 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

මෙම මස 9 වැනිදා පළමු වරට ආසාදිතයන් 2000 සීමාව පසු කරමින් 2659 ක් වාර්තා විය. 10 වැනිදා ආසාදිතයන් 2573 ක් සහ 11 වැනිදා ආසාදිතයන් 2530 ක් ද, වාර්තා විය.

මෙම ආසාදිතයන් 2386 සමඟ පසුගිය වසරේ (2020) මාර්තු මස 11 වැනිදා ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමුවීමේ සිට වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 133,484 කි.

Related posts

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday

තවත් කොරෝනා මරණයක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday

ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තාවීම කළුතරින්

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday