Colombo Today Local News

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ මෙරට රැඳී සිටීම සඳහා නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව දීර්ඝ කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, අදාළ වලංගු කාල සීමාව මැයි 11 වැනිදා සිට ජුලි 09 දක්වා දින 60කින් දීර්ඝ කළ බවයි.

සංචාරක වීසා දන්නන් හට වීසා පිටසන් කර ගැනීමට උපදෙස්,

සංචාරක වීසා දරන්නන් එම වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු ගෙවීම හා වීසාව පිටසන් කර ගැනීමට පහත ක්‍රම අතරින් එකක් භාවිත කළ හැකිය.

නේවාසික වීසා දරන්නන් හට උපදෙස්,

2021 මැයි 11 වන දින සිට 2021 ජූලි 9 වන දින දක්වා වන වීසා දීර්ඝ කිරීම සියලු නේවාසික වීසා දරන්නන් හට ද අදාළ වන අතර එදිනට පෙර වීසා දීර්ඝ කර ගැනීමට රාජකාරී දිනවල පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා 0707101050 දරන දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන් කොට ගෙන 2021 ජූලි 9 වන දිනට පෙර බත්තරමුල්ල කාර්යාලයට පැමිණ අදාළ වීසා ගාස්තු ගෙවා වීසා පිටසන් ලබා ගත යුතුය.

Related posts

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

Admin

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday

ඩුබායි පොලිසිය, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලවා සිංදු කියවයි…

colombotoday

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

colombotoday

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday