Colombo Today Local News

ලිට්‍රෝ සභාපති නෙරපයි

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා විය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් විය..

කෙසේ වෙතත්, තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මුතුරාජවෙල – මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවටද වාර්තා වේ.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

අනුර කුමාර කැනඩාවට

Admin

බැඳුම්කර මගඩියේ පිරිසකගේ වැඩ තහනම්

Admin

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday