Colombo Today Local News

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

දෙමටගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබේ.

පාපැදියකින් ගමන්කර ඇති සැකකරු සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුගේ පාපැදියේ පිටුපස තිබූ බෑගයක මෝටර් රථවලින් ගලවන ලද පැති කණ්ණාඩි යුගල 16ක් තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු 31 හැවිරිදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (12) දින කොලොන්නාව ප්‍රදේශයේ විවිධ ස්ථානවල නවතා තිබූ මෝටර් රථවලවලින් මෙම පැති කණ්ණාඩි ගලවා ඇති බවට අනාවරණය වී තිබේ.

එළෙස සොරකම් කරනලද පැති කණ්ණාඩි පංචිකාවත්ත ප්‍රදේශයේ විවිධ ස්ථානවලට අලෙවිකරන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සොරකම් කිරීම, සොරකම් කරනලද භාණ්ඩ ප්‍රවාහනය සහ සොරකම් කරනලද භාණ්ඩ භාර ගැනීම ද නීතියට අනුව වරදක් බවය.

ඒ අනුව අදාළ සැකකරුගෙන් පැති කණ්ණාඩි මිලදී ගත් පිරිස් සොයා විමර්ශන ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ජාතික රෝහලේ ලක්ෂ 79ක මුදල් මංකොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙක්

colombotoday

ශ්‍රීයානි විජේවික්‍රම ඒකාබද්ධයෙන් ගියා නෙවෙයි, යැව්වා !!

colombotoday

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..

colombotoday

ගිය ආණ්ඩුව සීමා ලකුණු කරේ නයි ඇරිය වගේ.. පුංචි ඡන්දේ ප්‍රමාදයට හේතුව ඒකයි

colombotoday

“මේ වෙලාවේ ලන්ඩනයේ ජනතාව සමග මමත් සිටිනවා“ – ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති ශෝක වෙයි

colombotoday