Colombo Today Local News

ගඩොල් බාගේ කතාවට අගමැති කිපෙයි.. දෙරණේ සංඛ ගෙදර යවයි.. විකාශන බලපත්‍රයටත් අනතුරු ඇගවීම්!

sanka bl 555

පසුගිය නිදහස් දින පැවති සැදෑ උත්සවයේදී ගායිකාවක් විසින් “දන්නෝ බුදුන්ගේ“ ගීතය විකෘතිකර ගායනා කිරීම සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනියේ ‘දෙරණ – අරුණ‘ වැඩසටහනේදී අදහස් දැක්වූ මාධ්‍යවේදී නීතීඥ සංඛ අමරජිත් මහතාගේ සේවය වහාම අත්හිටුවීමට එම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) බදුල්ලේ සිට කරන ලද විශේෂ ප්‍රකාශයේදී දෙරණ රූපවාහිනියේ නම සදහන් කරමින්, දෙරණ නිවේදකයා සිදුකල ප්‍රකාශය දැඩිලෙස හෙළා දකිමින් දෝෂාරෝපනය කළේය. අගමැතිවරයා එහිදී කියා සිටියේ “බල්ලන්ට බලුවැඩ කරන්න අපි ඉඩදෙන්නේ නෑ“ යනුවෙනි.

රාජපක්‍ෂ යුගයේ සට්ටැඹියන් තවම සිටින බවද කී අගමැතිවරයා, රූපවාහිනී නාලිකාවල විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජය බවත් එකී සිදුවීම සම්බන්ධයෙන් දෙරණ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් කියා සිටියේය.

මාධ්‍ය හමුව අවසානයේ අගමැතිවරයා විසින් දෙරණ නාලිකාව වෙනුවෙන් සහභාගී වූ වාර්තාකරු කැඳවා පෙර කී සිදුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග විමසා ඇත. දෙරණ නාලිකාව ඒ සම්බන්ධයෙන් පසුදා කණගාටුව ප්රකාශ කල බව වාර්තා කරු සඳහන් කර ඇති අතර අගමැති වික්‍රමසිංහ මහතා ඔහුට දන්වා ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශන බලපත්‍රය රැකෙන ලෙස වහා කටයුතු කරන ලෙසයි.

මේ අතර අදාල ගායිකාවගේ සැමියා යහපාලන රජය ගොඩනැගීම සදහා ඇප කැපවී ක්‍රියාකළ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක කටයුතු කරන අයෙකු බව සදහන් වන අතර ඉකුත් සමයේ බෞද්ධ සංවිධානයකට එරෙහිව පැවැත්වූ ඉටිපන්දම් විරෝධය සංවිධානය කළ පුද්ගලයෙකු බවද සදහන් වේ.

සංඛ අමරජිත්ගේ ප්‍රකාශය පහතින්

අගමැතිවරයාගේ ප්‍රකාශය

Related posts

නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් ඓතිහාසික තීන්දුව

Admin

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

colombotoday

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

colombotoday

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

colombotoday