Colombo Today Local News

අදත් විදුලිය නෑ..!!

powerlines-620x360

අදත් රට පුරා ඇතැම් ප්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක්‍රියව පැවතීම ඊට හේතුවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය කිරීමට කාලයක් ගත වෙන බවයි.එම කාලය තුළදී විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

විදුලිය බිඳවැටෙන ප්‍රදේශ සහ වෙලාවන් කල්ඇතිව දැනුම් දීමක් කල්ඇතිව කළ නොහැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කර සිටින්නේ.

මෙවැනි විදුලිය බිඳවැටීම් රට පුරා ප‍්‍රදේශ බොහෝමයක ඊයේ (14) දිනයේ ද වරින්වර විදුලිය බිඳවැටුණා. මේ නිසා තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි මහජනතාව පවසන්නේ.

මේ අතර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය නැවත අවධාරණය කෙරෙනවා. මෙම දින කිහිපයේදී පමණක් නොව සෑමදාම එය පුරුද්දක් කරගත යුතු බවයි එහි අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා කියා සිටියේ.

Related posts

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

colombotoday

මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවෙකු මෙහෙයවු තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක්

colombotoday

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday