Colombo Today Local News

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (දෙසැ. 22)දින කටයුතු කර ඇත.

ඒ අනුව, එම දෙසොහොයුරන් කිරුළපන, පොල්හේන්ගොඩ පිහිටි කාර්යාලයට කැඳවූ විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් ද විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රශ්න කර තිබිණි.

පසුව ඊයේ සවස ඔවුන් මුදාහැර ඇති අතර නැවත අවශ්‍ය වුවහොත් යළි කැඳවන බව ද දන්වා තිබේ.

ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරියගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගත් අතර ශාෆ්ටර් මහතාගේ සොහොයුරන් දෙනු ලබන ප්‍රකාශ සමග බිරියගේ ප්‍රකාශ සංසන්දනය කරන බව ත් මේ පිළිබඳ කළ විමසීමකදී එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

ඒ අනුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ වන විට පුද්ගලයන් 60කගෙන් පමණ ප්‍රශ්න කොට තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රශ්න කිරීම් සහ දුරකතන විශ්ලේෂණ වාර්තා නිරීක්‍ෂණය කිරීමෙන් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පැවැතිය ද විමර්ශනවලට බාධාවක් වන නිසා ඒවා මාධ්‍යයට හෙළි කළ නොහැකි බව ත් එම උසස් නිලධාරියා සඳහන් කරයි.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

Related posts

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday

ඇමරිකාව, යුරෝපය ඉන්නව කීවට උදව් කරේ චීනය විතරයි.. මේ අය චීනෙටත් බණිනවා.. බැන බැන ණය ඉල්ලනව

colombotoday

පොල් මිල අහස උසට

Admin

හිටපු ජනපතිගෙන් බ්‍රිතාන්‍ය නව අගමැතිණියට සුබ පැතුම්.. දේශපාලන පාඩමකුත් ලියා යවයි!

colombotoday