උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව එළඹෙන 24,25,26 යන තෙදින තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදු නොවනු ඇති.
මේ අතර දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ජනවාරි මාසය තුළ ද විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් පමණක් සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.