Colombo Today Local News

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

පානදුර-රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම අසළ තිබී සොයාගත් නාඳුනන පිරිමි මළ සිරුරේ අනන්‍යතාව මේ වනවිට හෙළිවී තිබේ.

මියගොස් ඇති පුද්ගලයා 48 හැවිරිදි වියේ පසුවන මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු කුලී රථ රියදුරෙකු බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

ඔහු සිය සුඛෝපභෝගී මෝටර් රථය කුලී රථ සමාගම්වල ලියාපදිංචි කර ඉන් ලැබෙන කුලී ගමන් සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

සිය සොහොයුරාගෙන් දින කිහිපයක සිට ආරංචියක් නොමැත බවට මියගිය පුද්ගලයාගේ සොහොයුරෙකු මිනුවන්ගොඩ පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකින් පසුව එම සොහොයුරා හොරණ රෝහල වෙත පැමිණ අදාළ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා තම සොහොයුරා බවට හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයා දෛනිකව සිය මවට දුරකථන ඇමතුමක් ලබාදෙන බවත් පසුගිය 12වනදා සිට එලෙස දුරකථනයෙන් අමතා නොතිබීම හේතුවෙන් ඔහුගේ සොහොයුරා මෙලෙස පොලීසියට පැමිණිලි කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මීට කලකට පෙර ඇතිවූ ආරවුලක් හේතුවෙන් වෙන්ව ජීවත්වන බවද පොලීසියට අනාවරණය වී ඇත.

ඇය මේ වනවිට විදේශගතව සිටින බවද පොලීසිය පවසයි.

පසුගිය 15 වනදා ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම අසළ තැඹිලි වෙළඳාමේ නිරතවන අයෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන තිබුණි.

එහිදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් පසුපසට කර බැඳ තිබූ අතර මියගොස් සිටි පුද්ගලයාගේ මුඛය ද රෙදිකඩකින් බැඳ දමා තිබී ඇත.

මෙලෙස අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය මේ වනතෙක් සොයාගෙන නොමැත.

ඉංගිරිය පොලීසිය මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

colombotoday

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ

colombotoday

ඡන්දේ දුන්න විශ්‍රාමිකයන්ට ස්ථාවර තැන්පතු රැඳවුම් බද්දක්

Admin

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

ආගමික ස්ථාන ඉදිකිරීම ගැන එන අලුත් පනතින් වෙන්න යන දේ ගැන හිටපු ජනපති අනතුරු අගවයි

colombotoday