Colombo Today Local News

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

2023 සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30)දින පැවති විදේශ ගමන් බලපත්‍ර, වීසා හා අනෙකුත් ගාස්තු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

2023 මුල් කාර්තුවේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු මෙහි දී සඳහන් කළේය.

ඇඟිලි සලකුණ ලබා ගැනීමට ප්‍රාදේශීය කාර්යාල 50ක් ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවද ඔහු පවසයි.

මෙමගින් ආගමන විගමන ප්‍රධාන කාර්යාලවල පවතින තදබදය අවම කර ගැනීම අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

Related posts

පැන ගිය තවත් කන්දකාඩු රැඳවියන් 366 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ හමුවීමේ සිද්ධිය ගැන ජීඑල් පීරිස්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි

colombotoday

දේශපාලන වෙනස් වීමට හමුදාව මැදිහත් වෙන්නේ නෑ. ජනපතිගේ නියෝගය පිළිපදිනවා. යුද හමුදාපති කියයි

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin