Colombo Today Local News

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

mangala cepa

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශ්වික වෙළද හා සේවා ගිවිසුම මගින් ඉන්දියානුවන් මෙරට ආක්‍රමණය කරන බවට බහුතරයක් වූ සිංහල ජනතාව ඇතුළුව ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇතිකරගෙන ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දු – ශ්‍රී ලංකා සංගමයේ පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියානු බලපෑම ගැන වැඩිපුර බිය ඇති කරගෙන ඇත්තේ ආගම සහ ජනවර්ගය සිය දෙඋරහිස තබාගෙන තමන් පැවතගෙන එන සිංහ වංශයට ලේ නෑකම් කියමින් එවැන්නක් පිළිබඳව මිත්‍යා මත පතුරවන සිංහල බෞද්ධයන් බවයි.

“පෝක් සමුද්‍ර සන්ධිය හරහා දෙරට අතර ඉදිකිරීමට යෝජිත නව පාලම තැනීමෙන් පසු ඒ හරහා ඉන්දියානු වෙද්‍යවරුන් , කරණවෑමියන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ පදිංචි වෙයි කියලා මෙම කොටස් විශ්වාස කරනවා .”

දැන් මොවුන් කියනවා වෙළඳ ගිවිසුම් නිසා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණෙන නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන් ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවන්ට අහිමි වනවා කියලා . ඔවුන් මෙහෙම කියන්නේ ඉන්දියානු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුළු ලෝකයම ඉල්ලුම් කරන විට දී ” යයි අමාත්‍යවරයා එහිදී පැවසිය.

ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ඇති බවට මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවද පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා පලකර තිබුනේ ඉන්දීය ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් පමණ රැකියාවක් සදහා සුදුසුකම් නොමැති බවයි. පසුගිය වසරේදී පමණක් එරට සරසවි, අධ්‍යාපන ආයතන 650ක් මගින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයන් 1,50,000ක් සිටියද ඔවුන්ගෙන් සියයට 80ක්ම රැකියාවන් කිරීමට කිසිසේත්ම නුසුදුසු අය බවත් ඉන්දියාවේ අධ්‍යපන පද්ධතියේ පවතින දුර්වලතා මීට හේතු වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබුණා.

Related posts

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

Admin