Colombo Today Local News

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල වූ අතර තද සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස 5,640 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මින් නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ගස් කඩාවැටීම් ආදියෙන් මරණ තුනක් සිදුව ඇති අතර, 19 දෙනකු තුවාල ලබා ඇතැයි ද කොඩිප්පිලි මහතා කියයි.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, යාපනය, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, හම්බන්තොට, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,113කට අයත් 21,644 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඌව පළාතට වන අතර, එම පළාතේ නිවාස 2,806කට හානි සිදුව පවුල් 2,874 කට අයත් පුද්ගලයන් 10,042 දෙනකු පීඩාවට පත්ව සිටිති.

Related posts

ලංකා ඉතිහාසේ බිහි වූ බුද්ධිමත්ම ආණ්ඩුව මේක

Admin

රට බෙදන්න කිසිම අදහසක් නෑ

Admin

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

ඉතිරිවුණේ ඇදිවත පමණයි.. ආණ්ඩුවේ තක්සේරු පිළිගන්න බෑ.. සාලාවේ ව්‍යාපාරිකයෝ

colombotoday

රෝහල් වැඩවර්ජනයක් එන ලකුණු?

Admin

ඥාණසාර හිමි ජාතිවාදියෙක්ද ? ඇසූ මාධ්‍යවේදියාගේ ඇගට රාජිත ගොඩවෙයි.. කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි

colombotoday