Business

නව බද්ද නිසා බදු එකතුව නවතලා.. රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයක.

2021 අයවැයේ යෝජනා කර ඇති නව බදු ක්‍රමය හඳුන්වා දෙන තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාණ්ඩ හා සේවා බදු එකතු කිරීම නවතා දමා ඇති බැවින් රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයට ලක්ව ඇත. මෙවර අයවැය යෝජනා යටතේ දැනට පවතින භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් යෝජනා කර තිබේ. මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම්, සූදු සහ මෝටර් රථ වෙනුවෙන් පනවා ඇති විවිධ බදු ඒකාබද්ධ කර තනි බද්දක් අයකිරීම මෙමගින් යෝජනා කර තිබේ. දැනට බදුවලින් ලැබෙන ආදායමින් 50%ක් මෙම තනි බද්ද හරහා අයකර ගැනීමට නියමිතය.

2019 වර්ෂය අවසානයේ දී රජය හඳුන්වා දුන් බදු සහනවලට අදාළ සංශෝධන හේතුවෙන් පසුගිය වසරේ (2020) රුපියල් බිලියන 400කට ආසන්න බදු ආදායම් අහිමි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.

එසේම ආදායම් බදු අයකළ යුතු අගය ඉහළ නැන්වීම ඇතුළු තවත් සංශෝධන කිහිපයක් හේතුවෙන් පැවැති බදු ලිපිගොනු 25000ක් පමණ දෙපාර්තමේන්තුවට අහිමි වී ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරන ආකාරයට නව බදු ක්‍රමය හඳුන්වා දීම එළැඹෙන මාර්තු මාසයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් | ලිට්‍රෝ සමාගමේ නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම.

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයි

colombotoday

සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයි

colombotoday