අලුත්ගම පොලීස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් ජර්මන් ජාතිකයෙකු ඊයේ ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එහිදී අදහස් දැක්වූ ජර්මානු ජාතිකයා පවසා ඇත්තේ තමාට පොලීසියේ නිලධාරීන් 6දෙනෙකු තර්ජනය කළ බවත්, එක් නිලධාරියෙකු තමාට ශාරීරික පීඩාවක් ද සිදුකළ බවයි.