Colombo Today Local News

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

රජය සමග ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්ව යාමට හෝ අධිකරණ අමාත්‍ය ධූරය අතහැරීමට හෝ තමාගෙ කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි පවසයි.

රජය ගනු ලබන ඇතැම් තීරණ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇති වුවද ගැටුම් වලින් තොරව එම ගැටලු සාකච්ඡා මගින් විසදා ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළ සහ රජය ඇතුළත එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර සාධාරණ ලෙස විඳ ගන්නා බවද ඔහු පවසයි.’

එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම ඇතුළුව අධිකරණ අමාත්‍යවරයාගේ අනුදැනුමක් නොමැතිව ගනු ලැබන ඇතැම් තීන්දු තීරණ නිසා සිය ධුරයෙන් ඉවත්ව වෙනත් ඇමති ධූරයක් බාරගන්නා ලෙසට ජේෂ්ඨ නීතිඥවරුන් පිරිසක් අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා ඇති බවද අනාවරණය විය.

ඒ සම්බන්දයෙන් පුවත් පතක් කල විමසීමකදී ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

Related posts

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday

“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

Admin

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday