Colombo Today Local News

නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත්. පරිභෝජනයෙන් 30%ක් අපතෙ යනවා

ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් සියයට 30ක ප්‍රමාණයක් අපතේ යන බව පොල් පර්‌යේෂණ මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම කියයි.

මෙරට වාර්ෂික පොල් අස්වැන්න මිලියන 2800කි. ඉන් සියයට 70ක්ම යොදා ගැනෙන්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා බවද සභාපතිවරයා සඳහන් කරයි. අතින් පොල් මිරිකීම නිසා පොල් කිරි සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ලබාගත හැකි වූවත්, බ්ලෙන්ඩරය මගින්, ගලේ අඹරා හෝ වංගෙඩියේ කොටා සියයට 50ක පොල් කිරි ප්‍රතිශතයක් ලබාගත හැකියැයිද ඔහු පවසයි.

නිවැරදි ආකාරයෙන් පොල් පරිභෝජනය කරනවා නම් නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත් බවද සභාපතිවරයා පවසයි. සෞභාග්‍යා කප්රුක වැඩසටහන යටතේ 2023 වසර අවසානය වන විටදී ලංකාවේ පළමු අපනයනය බෝගය බවට පොල් පත්කිරීමේ වැඩසටහනක් අරඹා ඇතැයිද ඔහු කියයි.

මේ වනවිට තේවලින් වසරකට විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 1,260ක්ද, රබර්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 750ක්ද, පොල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 661ක්ද රටට ලැබෙන බව සභාපතිවරයා පවසයි. වසර 2023 වන විටදී පොල්වලින් ලැබෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් 1,300ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කීය.

Related posts

ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!

colombotoday

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin