Colombo Today Local News

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

ඉල් පුර පසළොස්වක ලබන 8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම චනද්‍රග්‍රහණය ආසියා මහද්වීපය, ඕස්ටේ්‍රලියාවලියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ කොටසකට දැකගැනීමට හැකිවන බව මහාචාර්යවරයා සඳහන් කරයි.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව ද චන්දන ජයරත්න මහතා කියයි.

මෙරට වේලාවෙන් පස්වරු 1.32 ට වන මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිමය පස්වරු 4.29 ටත් අවසානය රාත්‍රී 7.26 ටත් සිදු වන බව ඔහු සඳහන් කරයි.

චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙහි අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි බව ද මහාචාර්යවරයා පවසයි.

මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර යළිත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14වැනිදාය.

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 1,198ක් අත්අඩංගුවට

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

colombotoday

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

“ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුමෙන් හෙළිවූ කොටි ඔත්තුකරු පී රංජිත් යනු කවුද?

colombotoday