Colombo Today Local News

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

අධිකරණයේ රාජකාරී නියතු පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (2) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නිශ්ශබ්දතාව සඳහා අධිකරණයට පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇත.

එම අවස්ථාවේ අධිකරණයේ රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් නිශ්ශබ්දව සිටින ලෙස දැනුවත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු අමතා නිශ්ශබ්ද වන ලෙස ත් අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසට උපදෙස් ලබා දී ඇත.

එම පුද්ගලයා එය ප්‍රතික්ෂේප කරමින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදී පහරදීමක් සිදු කර නිලධාරියාගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කර තිබේ.

අධිකරණයේ සිටි පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ (2)දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

පිස්තෝලයයි! ඇපල් දෙකයි! බෝතල් දාහයි! පොලිස්පති රිමාන්ඩ්

colombotoday

ආණ්ඩුව පෙරලන්න පිල් දෙකකින් මෙහෙයුමක්… පක්ෂ නායක රහස් හමුවක්… පිල් මාරුවකුත් සූදානම්

colombotoday

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

මාලදිවයිනේ සිටි ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday