Colombo Today Local News

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ධීවර සංස්ථාව ඇති කර ගනු ලැබූ ගිවිසුමට අනුව දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල්වලට සංස්ථාව දෛනිකව ලබා දිය යුතු රතු හා සුදු තලපත් මාළු සැපයීම පසුගිය මාස දෙකක කාලයක සිට අඩාළ වී තිබේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මාළු සැපයුම්කරුවන්ට වසර ගණනාවක සිට රුපියල් කෝටි ගණනක මුදලක් සංස්ථාව නොගෙවා පැහැර හැරීම නිසා සංස්ථාවට මාළු ලබා දීම සැපයුම් කරුවන් ප්‍රතික්ෂේප කිරීම නිසාය.

උද්ගත වී ඇති තත්ත්වය අනුව දිවයින පුරා මධ්‍යම ආණ්ඩුවේ රෝහල්වල රෝගීන් හා රෝහල් බලධාරීන් දැඩි අපහසුතාවකට පත්වී තිබේ.

ධීවර සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර රෝහල්වලට මාළු සැපයීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ 2009 වසරේදී එවක ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගිනි.

ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ රෝහල්වලට දෛනිකව රතු සහ සුදු තලපත් මාළු ටොන් 2ක ප්‍රමාණයක් සැපයීමට ධීවර සංස්ථාවට අවස්ථාව උදා විය.

මේ පිළිබඳව ධීවර සංස්ථාවේ රෝහල්වලට මාළු සැපයීමේ අශයේ කළමනාකරු එස්. බොතේජු සඳහන් කළේ ධීවර සංස්ථාවට ලැබෙන රතු සහ සුදු තලපත් මාළු සැපයුම පසුගිය කාලය තුළ අඩාළ වී ඇති බවය.

Related posts

පිපිරීමෙන් කඳවුරට වෙච්ච විනාශය (PHOTOS)

colombotoday

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Admin

“තෙවරප්පෙරුම ගැහුවෙ මට.. වැදුණේ එජාපයේ සන්දීත්ට” ගුටි කෙළිය ගැන ප්‍රසන්න රණවීර කියයි

colombotoday

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

Admin

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

Admin

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday