රුවන්වැල්ල මැදගොඩ ප්රදේශයේ නිවසක පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා, ඔහුගේ සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදි ඇතිවූ බහින්බස් වීමක් දුර දිගයාම ඝාතනයට හේතුව බව පොලිසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිදිරි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකළ පුද්ගලයා ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.