Colombo Today Local News

මුජිබුර් රහුමාන් විදෙස් පුරවැසි මන්ත්‍රීවරිය රටින් පිටුවහල් කරන්න කියයි

විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ද නොවන අදාල මන්ත්‍රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහානේ රැඳවූම් මධ්‍යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙස ද රහුමාන් මහතා පැවසීය.

අදාල මන්ත්‍රීවරිය විදේශ පුරවැසියෙක් ලෙස සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍ර ධුරයක් දරන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කොට අලුත්කඩේ අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙන බව කී රහුමාන් මහතා ඇය 2014 වසරේ ගත් නේවාසික වීසා මත මෙරට රැඳී සිටින බව ද 2015 වසරේ හත්වෙනි මාසේ එම වීසාව කල් ඉකුත් වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පැවසීය.

ආණ්ඩුව පැහැදිලිවම මේ වාර්තාව යටපත් කර තිබෙන අතර මෙි සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කර තිබෙන බවද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.

Related posts

රාජිත හමාරයි, ඉහළ තැනකින් ඩීල් වමාරයි.. නැව් පිටින් ගිල්ල හැටි පත්තරේ විස්තරේ මෙහෙමයි

colombotoday

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

ETI කටයුතු අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ බැංකුවෙන් මෝසමක්

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday