Colombo Today Local News

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කිරිමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයන් ලෙස පත් කිරීමට සලකා බැලීම සඳහා විශිෂ්ටත්වයෙන් හා අවංක භාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් වෙතින් අයදුම්පත්‍ර කැඳවා ඇත.

මේ සඳහා www.parliament.lk යන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත්‍රය සහ ජීව දත්ත සටහන 2022 නොවැම්බර් මස 28 දින හෝ එදිනට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

Related posts

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

ශාසනය ගොඩගන්න තනිවම හරි සටන් කරනවා – ඥානසාර හිමි

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

බුදු දහමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුව අදත් කැදවයි.. නීති උපදෙස් ඉල්ලා දෙවසරකට වැඩියි.. තාම නෑ..

colombotoday