Colombo Today Local News

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

පසුගිය 04 වනදා වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙවර උසස්පෙළ හදාරමින් සිටි සිසුවෙකි.

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර ප්‍රදේශයේදී තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අදාළ අනතුර සිදුවිය.

එහිදී යතුරුපැදියක ගමන්කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණි.

අනතුරින් එම සිසුවා ගමන්කළ යතුරුපැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගියේය.

ඔහු හිටපු හමුදා සෙබෙලෙකු බවට වාර්තා විය.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පැවසුවේ වාහනය පුතා විසින් රැගෙන ආ බව තමන් නොදැන සිටි බවය.

Related posts

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පළමු දිනයේදීම ලංකාවට පදක්කම් දෙකක්

colombotoday

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday

තමන්ගෙ ආසනේ දිනන්න බැරි, පිංඇමති එස්.බී දිසානායකට බෑ එජාපය දියකරන්න – දිලිප් වෙදආරච්චි

colombotoday