Uncategorized

පළමු එක්දින තරගයේ ජය කොදෙව්වන්ට

Road Safety පන්දුවාර 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ටී.එම්. ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ට ජයක් ලබද්දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත්විය.

කොදෙව්වන්ට එරෙහි තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු ගණන 232කි.

දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සුවිශේෂී ආරම්භයක් ලබා ගත්තත් ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට කණ්ඩායමට නොහැකි විය.

දිමුත් ලකුණු 52කට දැවී ගියේය.

තරගයේ කතාබහට ලක්වූ සිදුවීම සිදුවූයේ ධනුෂ්ක ගුණතිලකටයි.

කිරන් පොලාර්ඩ් ක්‍රියාත්මක කළ පන්දුවාරයකදී දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට තිබූ අවස්ථාවක් අවහිර කිරීම හේතුවෙන් ධනුෂ්කට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

පොලාර්ඩ් විනිසුරුගෙන් කළ ඉල්ලීමකින් පසු තුන්වන විනිසුරු තීරණය කළේ, පිටියේ පන්දු රකින ක්‍රීඩකයින්ට බාධා කළේයැයි යන කරුණ මත ධනුෂ්කට පිටියෙන් ඉවත් වීමට සිදුවන බවය.

Related posts

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමට පෙර මුසම්මිල් දළදා වහන්සේ වැදපුදා ගනී…

colombotoday

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

සනීපාරක්ෂක තුවා ගැන කතා කළ දේශපාලනඥවරියට මරණ තර්ජන

Admin