Colombo Today Local News

යාපනය සරසවියේ කොටි ස්මාරකය වෙනුවට සාමකුලුනක් ඉදිකිරීමට මුල්ගල තබයි.

කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11)දිනයේ උදෑසන සිදු කෙරුණි.

ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආරම්භ කර තිබුණු මාරාන්තික උපවාසයද එම සිසුහු අවසන් කළහ.

යාපනය විශ්ව විද්‍යාල උපකුලපතිවරයා හා උපවාසයේ නිරත වු සිසුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සිසුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට උපකුලපතිවරයා එකඟ වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසුව මාරාන්තික උපවාසයේ නිරතව සිටි සිසුන්ට උපකුලපතිවරයා විසින් කැඳ ලබාදි උපවාසය අවසන් කරනු ලැබීය.

ඉන් පසුව එම සිසුන් හා එක්ව උපකුලපතිවරයා කඩාබිඳ දැමුණු ස්මාරකය පැවති ස්ථානයේම අලූත් ස්මාරකයක් ඉදි කිරීමට මුල්ගල් තැබුවේය.
යුද්ධයෙන් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සේවකයින් නිළධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය පසුගිය (08) වනදා රාති‍්‍රයේ එම විශ්ව විද්‍යාලයේ පරිපාලනයේ උපදෙස් මත කඩාබිඳ දැමීය.

එයට දැඩි විරෝධයක් දැක්වු එම විශ්ව විද්‍යාල සිසුන් එදින රාති‍්‍රයේ සිට අද උදෑසන දක්වා මරාන්තික උපවාසයක නිරත වුහ.

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

Admin

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

colombotoday